ඉකුත් මැයි මස මෙම පාර්සලය මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබූ අතර මෙම පාර්සලය භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම නිසා පාර්සලය ආපසු නොයවා එහි සදහන් ලිපිනය පිළිබඳව රේගු නිලධාරීන් විසින් සොයා බැලීමක් සිදු කර තිබුණි. එහිදී ලිපිනය ව්‍යාජ එකක් බවට කරුණු අනාවරණය වී තිබේ.
ඒ අනුව මෙම පාර්සලය රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය හා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරිපිට විවෘත කිරීමට පියවර ගෙන තිබුණි.
එහිදී සුනඛයන්ට ලබා දෙන ආහාර අඩංගු අසුරන දෙකක සහ සෙල්ලම් බඩු අතර මෙම හෂීස් තොගය සගවා එවා තිබුණි.
පාර්සලය තුළ හෂීස් ග්‍රෑම් 670 ක් තිබූ අතර එම පාර්සලය වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.


