රුපියල් කෝටි 11ක රන් ජෙල් කරල් අත්අඩංගුවට


රුපියල් කෝටි එකොළහක් වටිනා රත්තරන් ජෙල් කරල් ( Capsules )16 ක් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරක් මත , මෙම ගුවන් මගියා පැමිණි ගුවන් යානය තුළට ගොස් 11/16 දින අලුයම අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු 32 හැවිරිදි  කොළඹ - 02 කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු 11/16 දින අලුයම 01.40 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු පැමිණි ගුවන් යානය වෙත පිවිසි කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මෙම ගුවන් මගියා සහ ඔහුගේ ගමන් මල්ල අත්අඩංගුවට ගෙන තිබේ .

 මෙම ගමන් මල්ල තුළ කිලෝ ග්‍රෑම් 06 යි ග්‍රෑම් 423 යි මිලි ග්‍රෑම් 9 ක් බරැති මෙම රත්තරන් ජෙල් තොගය කරල් 16 ක් ලෙස සකස් කර සගවා ගෙන තිබියදී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .

මෙම රත්තරන්  ජෙල් තොගය රජයේ රස පරීක්ෂක වෙත විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීම සදහා යොමු කර ඇති අතර , ඔහුගේ ජංගම දුරකථනයට සම්බන්ධ විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීමට ද ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පියවර ගෙන තිබේ .



Recommended Articles