රුපියල් 10000ක් කොල්ල කෑ 4ක් අල්ලයි


කුරුවිට පොලිස් වසමේ ගලහිටිය ප්‍ර දේශ යේදී නිවසකට ඇතුළු වී ඒහි තිබූ මුදල් රුපියල් 10000ක් කොල්ල කා පළා ගිය සැකකරුවන් 4ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අවුරුදු 30, 31, 40 යන වයස්වල පසුවන්නන් මෙසේ අඩංගුවට ගෙන තිබේ. ඒසේම කොල්ල කන ලද මුදලින්  රුපියල් 8000ක්ද නැවත සොයාගෙන තිබේ.



Recommended Articles