රුපියල ශක්තිමත්වීම නිසා තේ කිලෝවකට ලැබෙන මිල රු.200කින් පහළට


ඩොලරයේ අගය පහළ ගොස් රුපියලේ අගය ඉහළයාමත් සමග නිමි තේ කිලෝවක් සදහා ලැබෙන මුදල රු 200 කින් පහළ බැස ඇති බව වතු අධිකාරිවරුන් පැවසිය.

පසුගිය මාස කිහිපය තුළ උඩරට තේ කිලෝවක් සදහා ලෝක වෙළඳපොලෙන් රු 1250 ක මිලක් ලැබුණු බවත්, මේ වන විට එය රු 1050 දක්වා පහළ බැස ඇති බවත් වතු අධිකාරිවරු පැවැසූහ.

ඩොලරයේ අගය තවදුරටත් පහත බැසහොත් තේ මිල තවත් පහළ බසින බවත්, ඒ අනුව තේ කර්මාන්තයට දැඩි බලපැමක් එල්ල වන බවත් වතු අධිකාරිවරුන් කියා සිටියේය.

විදුලි බිල ඉහළ යාම නිසා තේ කිලෝවක් නිෂ්පාදනය කිරිමට විශාල පිරිවැයක් දැරිමට සිදු ව ඇති නිසා තේ කිලෝවක් සඳහා ලැබෙන මුදල අඩුවිම හමුවේ තේ කර්මාන්තය දැඩි අවධානමක පවතින බවද එම වතු අධිකාරිවරුන් වැඩිදුරටත් පැවසිය.



Recommended Articles