රුපියල අද තවදුරටත් පහත වැටෙයි


ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව, අද ( 03 ) දිනයේදිී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් පහත වැටී ඇත.

ඒ අනුව අද (03) ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 337.97 ක් ලෙස වාර්තා වී ඇත.

එසේම, එහි ගැනුම් මිල රුපියල් 328.00 ක් ලෙස සටහන්ව තිබෙනවා.

එහෙත් ඊයේ දිනයේදී  (02) ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 336.60 ක් ලෙස ද ගැනුම් මිල රුපියල් 326.70 ක් ලෙස සටහන් වුනා.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය 



Recommended Articles