රු.මිලියන 7ක මත්ද්‍රව්‍ය රේගු භාරයට


කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත විදේශ පාර්සල් අංශයට විදේශ රටවල් 03 කින් , ශ්‍රී ලංකාවේ ව්‍යාජ  ලිපිනයන් 05 ක් වෙත  එවා තිබූ පාර්සල් 05 ක් තුළ තිබී රුපියල් ලක්ෂ 70 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් අද දින සවස රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ  ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය .

මෙම පාර්සල් අහංගම ලිපිනයන් 02 කටත් , වේරහැර , හෝමාගම සහ මහනුවර ලිපිනයන් වෙතත් ඇමෙරිකාව , එංගලන්තය සහ ජර්මනිය යන රරටවල සිට එවා තිබූ අතර , එම පාර්සල් භාර ගැනීමට එම අයිතිකරුවන් මධ්‍යම තැපැල් හුවමාරුව වෙත නොපැමිණීම නිසා , රේගු නිලධාරීන් ඒ පිළිබඳව සිදු කළ සොයා බැලීම් වල දී , මෙම ලිපිනයන් ව්‍යාජ ඒවා බව තහවුරු කර ගෙන තිබුණි .

ඒ අනුව අද දින මෙම පාර්සල් මාධ්‍යවේදීන් හමුවේ විවෘත කිරීම සිදු කිරීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්  පියවර ගෙන තිබුණි .

එසේ විවෘත කළ පාර්සල් තුළ රුපියල් ලක්ෂ 40 ක් වටිනා " කුෂ් " නැමැති ගංජා ග්රැම් 278 ක් ද , රුපියල් ලක්ෂ 30 ක් වටිනා  එක්ස්ටසි නැමැති මෙතැම්පටමයින් මත්ද්‍රව්‍ය පෙති 400 ක් ද තිබී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .

ඉන්පසුව මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පොලිස් මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .

 



Recommended Articles