රු.බි. 160ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක්


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එළැඹෙන 13 දා රු. බිලියන 160ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් පවත්වන බව දැනුම් දී සිටී. කාණ්ඩ තුනක් යටතේ මෙම වෙන්දේසිය පවත්වනු ලබයි.

ඒ අනුව 2024 මැයි 01 දින කල් පිරෙන ආකාරයෙන් රු. මිලියන 40,000 ක්,

2025 ජනවාරි 15 දින කල් පිරෙන ආකාරයෙන් රු. මිලියන 50,000

2026 මැයි 15 දින කල් පිරෙන ආකායෙන් රු. මිලියන 70,000 ක් ලෙසින් මෙම වෙන්දේසිය සිදුකිරීමට නියමිතව තිබේ.

 



Recommended Articles