රු.කෝටියක් වටිනා මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට


රුපියල් කෝටියක් වටිනා  කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අද (20දා) අලුයම මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන්තොටුපොළෙන් පිටකර යමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් සැකකරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු විසින් රැගෙන ආ අත් බෑගය තුළ ඇසුරුම් 03ක් ලෙස සකස් කළ 'කුෂ්' මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01ට වැඩි ප්‍රමාණය සඟවා මෙරටට රැගෙන විත් තිබේ.

සැකකරු සහ අදාළ මත්ද්‍රව්‍ය තොගය අද  මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



Recommended Articles