රු.කෝටි දෙකකට විකිණිමට තැත් කළ වාලම්පුරියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට


දුර්ලභ වර්ගයේ  වාමාවෘත  ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටි දෙකකට  විකිණීමට කොටුව  ගාලුමෝදරට රැගෙන ආ පුද්ගලයකු  ඊයේ 8  රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය කියයි .

බලපත්‍ර නොමැතිව වාලම්පුරියක් කෝටි දෙකකට මුදලකට විකිණීම සඳහා පුද්ගලයකු ගාලුමෝදරට පැමිණෙන බවට  නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව වැටලීම සිදු කර ඇත .

අත්අඩංගුවට ගත් සැකකරු රජවැල්ල පදිංචිකරුවෙක් වන අතර අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොටුව පොලීසිය වෙත භාර දී ඇත .

බිමල් ශ්‍යාමන් ජයසිංහ



Recommended Articles