රු.කෝටි 24ක කොකේන් සමග බ්‍රසීල ගුරුවරයා ගුවන්තොටේදී දැලේ


රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද (20දා) අලුයම රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

 මොහු 59 හැවිරිදි බ්‍රසීල ජාතික ගුරුවරයෙකි .මොහු මෙම කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 855 ක් බර කොකේන් මත්ද්‍රව්‍ය තොගය බ්‍රසීලයෙන් රැගෙන , ඒවා කාඩ්බෝඩ් මත අලවා , ඒවා මත කළු පැහැති කඩදාසි අලවා , එම කාඩ්පත් 02 බැගින් කුඩා බෑග් 07 ක් තුළ අසුරා  තම ගමන් මල්ලෙහි අසුරා ගෙන ඇත.

එසේ සකස් කර ගත් කොකේන් මත්ද්‍රව්‍ය තොගය රැගෙන බ්‍රසීලයෙන් කටාර් රාජ්‍යය වෙත පැමිණ , දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 658 දරන ගුවන් යානයෙන් ඊයේ(20 දා) අලුයම 02.40 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය සමග මෙම ගුවන් මගියා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන ඇත .

 


 

 



Recommended Articles