රු කෝටි 140ක් හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට


රුපියල් කෝටි 140කට අධික වටිනාකමින් යුත් හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් පහක් හා එක් සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ගාලු මුහුදු තීරයේදී නාවික හමුදා නිලධාරීන් හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් එක්ව මෙම අත්අඩගුවට ගැනීම සිදුකර තිබේ.

මෙහිදී හෙරායින් මත්ද්‍රව්‍ය කිලෝ 74.66ක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 65.71ක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් හා සැකකාරිය අවුරුදු 33-53ත් අතර පසුවන්නන් වෙයි.

ඔවුන්ව අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් ිකිරීමට නියමිතව තිබේ.



Recommended Articles