රු.500යේ ව්‍යාජ නෝට්ටු 17ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට


රුපියල් පන්සියයේ ව්‍යාජ මුදල් නෝට්ටු 17 ක් සමග සැකකාරියක පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුදුකුඩිඉරිප්පු සුගන්ධිපුරම් කොලනිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි ව්‍යාජ මුදල් නෝට්ටු තොගය සමග සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් පිරිසක් මෙම වැටලීම සිදුකළා. වයස අවුරුදු 41 ක් වන මෙම සැකකාරිය සුගන්ධිපුරම් උදයාර්කට්ටු ප්‍රදේශයේ පදිංචිකාරියක්.

ඇය පුදුකුඩිඉරිප්පු පොලීසිය වෙත භාරදී තිබෙනවා.

 



Recommended Articles