රු.5000 ලබාදිම අද සිට ඇරඹේ


සංචරණ සීමා පැනවීම හේතුවන් පීඩාවට පත් ජනතාව සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීම අද (02) ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

මේ අතර එක්ස්ප්‍රර්ස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් ධීවර පවුල් 8,500කට බලපෑම් එල්ල වී ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව නෞකාව ගිනි ගැනීමෙන් ආදායම් මාර්ග අහිමි වූ ධීවරයින්ට රුපියල් 5000 දීමනාව ලබාදීමේ වැඩපිළිවෙළ අදින් ආරම්භ වේ.

ග්‍රාම නිලධාරීවරුන්ගේ සම්බන්ධීකරණයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා එම කටයුතු සිදුවනු ඇති.

 



Recommended Articles