රු 5000 දෙන තැනට පිහියක් ගෙනවිත් තර්ජනය කරයි


හුංගම ග්‍රාම නිලධාරි කාර්යාලයේ පැවැති පන්දහසේ දීමනාව බෙදාදීමේ අවස්ථාවට පිහියක් රැගෙන පැමිණ නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ බව කියන කාන්තාවක අද (3දා) අත්අඩංගුවට ගත් බව හුංගම පොලීසිය කියයි.

කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත්වූවන්ට රජයෙන් දෙන රුපියල් පන්දහසක දීමනාව ලබා දීමේ කටයුතු හුංගම ග්‍රාම නිලධාරි කාර්යාලයේදී අද  සිදුකර තිබූ අතර එම අවස්ථාවට පැමිණි කාන්තාවක මෙලෙස නිලධාරින්ගේ රාජකාරියට බාධා කර තිබිණි.

මෙම කාන්තාව මන්නා පිහියක් අතැතිව ග්‍රාම නිලධාරි කාර්යාලයට පැමිණ ඇති අතර ඡන්ද නාමලේඛනයට තම නම ඇතුළත් කර දෙන ලෙස කියා ග්‍රාම නිලධාරිවරයාට බැන තර්ජනය කර ඇතැයි පොලිසිය කියයි.

අනීෂා මානගේ

 



Recommended Articles