රු.25,000ක අල්ලසක් ගත් ග්‍රාම නිලධාරිවරයෙක් අත්අඩංගුවට


රුපියල් 25,000ක මුදලක් අල්ලසක් ලෙස ලබාගත් ග්‍රාම නිලධාරිවරයෙක් ව ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ලුණුගම්වෙහෙර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් අංක 64 - සිංහපුර ග්‍රාම නිලධාරිවසමේ නිලධාරිවරයාය.

වීරවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අදළා ග්‍රාම නිලධාරිවරයා අල්ලස් හෝ දුෂණ චෝනා විමර්ශන කොමිසන් සභාවේ නිලධාරින් විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබුණි.

ස්ථිර ව පදිංචිව සිටින ලිපිනයක් සඳහා වෙනත් පුද්ගලයෙකුගේ නමින් ඡන්දහිමි නාමලේඛනයේ නම ලියාපදිංචි වී ඇති බැවින් එය නිවැරදි කර ගැනීම සඳහා එම ග්‍රාම නිලධාරීවරයා විසින් රුපියල් 25,000ක අල්ලස් මුදල ඉල්ලා තිබේ.

 



Recommended Articles