රු.2000 දිමනාව ලබාදිම අදත් දිවයින පුරා සාර්ථකව


නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම නිසා සිය ආදායම් මාර්ග අහිමි වූ අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් 2000 දීමනාව ලබා දීම දිවයින පුරා සාර්ථක ලෙස ක්‍රියාත්මක වනවා.

කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 122500 ක් සඳහා රුපියල් 2000 දීමනාව ලබා දීමට කටයුතු කෙරෙනවා.

මේ වන විටත් එම පවුල්වලින් අඩකට සහන දීමනාව ලබා දී අවසන් බවයි කළුතර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා පැවසුවේ.

කළුතර දිස්ත්‍රික්කයේ රුපියල් 2000 දීමනාව ලබා දීම සඳහා රුපියල් මිලියන 245ක මුදලක් වෙන් කර තිබෙනවා.

නිරෝධායන ඇඳිරි නීතිය නිසා ජීවනෝපාය අහිමි වූ කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රදේශයේ ජනතාවට ද රුපියල් 2000 දීමනාව ලබා දීම සිදුවුණා.

කැප්පෙටිපොළ ප්‍රදේශයේ ජනතාව සඳහා රුපියල් 2000 දීමනාව ලබා දීම ග්‍රාම නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදුවුණා.

පුත්තලම දිස්ත්‍රික්කයේ ජීවනෝපාය අහිමි වූ අඩු අදායම්ලාභී පවුල් 78923 ක් සඳහා රුපියල් 2000 දීමනාව ලබා දී ඇති බව දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි මහතා සඳහන් කළා. මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මැද කොස්වාඩිය ප්‍රදේශයේ ජනතාවට රුපියල් 2000 දීමනාව ලබාදීම අද සිදුකෙරුණා.

 



Recommended Articles