රු. ලක්ෂ 698ක හොරොයින් සමග ගුවන් මගියෙක් අත්අඩංගුවට


රුපියල් හය කෝටි අනූ දෙලක්ෂ හතලිස් දහසක් වටිනා හෙරොයින් තොගයක් රැගෙන ආ ලාංකික ගුවන් මගියෙකු 12/14 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් ඒවා පිට කර ගෙන යමින් සිටියදී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු රඹුක්කන, හේවාදිවෙල ප්‍රදේශයේ පදිංච් 28 හැවිරිදි දුරකථන අලුත්වැඩියාකරන්නෙකි. ඔහු12/14 දින අලුයම 12.30 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 047 දරන ගුවන් යානයෙන් ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ ව්‍යාජ පතුලක හෙරොයින් කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 308 ක ප්‍රමාණය සගවා ගෙන සිටියදී අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.

අත්අඩංගුවට ගත් ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය 12/14 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රදවා ගැනීමේ නියෝග ලබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතය .



Recommended Articles