රු. ලක්ෂ 44ක දුම්වැටි රේගුවෙන් පන්නන් බැරි වෙයි


රුපියල් හතලිස් හතර ලක්ෂ හතලිස් පන් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් 05/05 දින උදෑසන අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු ඩුබායි හි රියැදුරුවරයෙකු ලෙස රැකියාවක නිරත වී සිටි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකි.

ඔහු රේගු නිලධාරීන්ගේ අවධානය වෙනතකට යොමු කිරීම සදහා මෙම දුම්වැටි තොගය ඩුබායි වලින් මිළදී ගෙන , බහරේනය වෙත පැමිණ , එතැන් සිට ගල්ෆ් එයාර් ගුවන් සේවයේ ජී.එෆ්.- 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ " ප්ලැටිනම් ඩබල් මික්ස් '' (Platinum Double Mix ) නැමති මෙම දුම්වැටි මගින් , ඒ තුළ ඇති '' ස්විචයන් " දෙකක් ක්‍රියාත්මක කර , රස දෙකක් උත්පාදනය කළ හැකි දුම්වැටි විශේෂයකි .

එවැනි  දුම්වැටි 25,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 127 ක් රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මේ පිළිබද විධිමත් රේගු විමර්ශනයක් පවත්වා ඇති අතර , එහිදී මෙම දුම්වැටි තොගය රාජසන්තක කර , මේවා නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගියාට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ .



Recommended Articles