දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ගාල්ල දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශ 04 ක ප්‍රතිලාභින් 1570ක් සදහා රුපියල් මිලියන 7.5ක මුදලක් වැයකොට මිරිස් පැල වගා මලු සහ පොහොර ලබා දි ඇති බැව් දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
මෙකි ව්‍යාපෘතියෙන් පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් රුපියල් මිලියන 141.3ක අස්වනු ආදායමක් ඇස්තමේන්තුකොට තිබුණි. එහෙත් මෙම ව්‍යාපෘතියෙන් ලබාගෙන ඇත්තේ රුපියල් මිලියන 11ක පමණ ආදායමක් පමණි.
කෙසේවුවද මෙම ව්‍යාපෘතිය මාස 05ක් වැනි කෙටිකාලයක් තුල අත්හැරදමනු ලැබු ව්‍යාපෘතියක් බවට පත්වි තිබු බව විගණනය මගින් ද අනාවරණය කොට තිබුණි.
ව්‍යාපෘතියෙන් අපේක්ෂිත අරමුණු ඉටුකරගැනිමට හැකිවන අයුරින් ව්‍යාපෘති සැලසුම්කර ක්‍රියාත්මක කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට තිබුණි. ඉදිරියේ දි මෙවැනි ව්‍යාපෘති සැලසුම්කිරිමේ දි හා ක්‍රියාත්මක කිරිමේ දි අඩුපාඩු අවමවන අයුරින් කටයුතු කිරිමට වගබලා ගන්නා බවට පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් විගණනයට සදහන් කොට ඇත.

