රු. කෝටියක භාණ්ඩ කටුනායකින් පන්නන්න බැරිවෙයි


රුපියල් කෝටියක් වටිනා නවීනතම ජංගම දුරකථන , ස්වර්ණාභරණ සහ ලැප්ටොප් පරිගණක තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු සමග  12/30 උදෑසන ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීවරුන් පිරිසක් විසින් , ඔවුන්ට ලද බුද්ධි තොරතුරක් මත අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු කොළඹ , වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.  මොහු 12/30 දින අලුයම 06.00 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ "ඇපල්" වර්ගයේ නවීනතම ජංගම දුරකථන  , ලැප්ටොප් පරිගණක , "ඇපල්" 
මැක් ( MAC )  වයිෆයි උපකරණ සහ සුදු පැහැති කඩදාසි වල ගුලි කර ඔතා ගෙන සිටි රන් මාළ , වළලු , මුදු , කරාබු සහ පෙන්ඩන්ට් තොගයක් ද සගවා ගෙන සිටියදී පොලිස් නිලධාරීවරුන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .



Recommended Articles