රු. කෝටි 16ක කුෂ් කටුනායකින් අල්ලයි


රුපියල් දහසය කෝටි හතලිස් ලක්ෂයක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනකු සමග 02/15 දින රාත්‍රී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොවුන් තිදෙනාම කොළඹ , වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 33 සහ 28 වයස් වල පසුවන පිරිමි දෙදෙනෙකු සහ 35 හැවිරිදි වියේ පසුවන කාන්තාවකි. ඔවුන් අතරින් එක් පුද්ගයෙකු ඔවුන් පදිංචි ප්‍රදේශයේ " ස්පා " සම්භාහන ආයතනයක් පවත්වා ගෙන යනු ලබන අයෙකි .

ඔවුන් මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන , ඩුබායි වෙත පැමිණ , එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දරන ගුවන් යානයෙන් 02/15 දින රාත්‍රී 07.00 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මොවුන් විසින් රැගෙන ආ ගමන් මලු අතර වූ එක් ගමන් මල්ලක් තුළ , පැකැට් 60 ක් ලෙස අසුරා සකස් කළ , "කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 16 යි ග්‍රෑම් 400 ක් සගවා ගෙන සිටියදී මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් තිදෙනා 02/16 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර , තවදුරටත් රදවා තබා ගෙන ප්‍රශ්ණ කිරීමට නියමිතය .

 



Recommended Articles