රු. කෝටි 10ක දුරකතන කටුනායකින් පන්නන්න බැරි වෙයි


රුපියල් කෝටි දහයක් වටිනා අති නවීනතම ජංගම දුරකථන තොගයක් , ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ නිසි අවසරයකින් තොරව මෙරටට රැගෙන ඒමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු 08/27 උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත '' ( Green Channel ) ඔස්සේ පිට වී යාමට තැත් කරමින් සිටියදී අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් දෙදෙනාම කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එක් අයෙකු 24 හැවිරිදි ව්‍යාපාරිකයෙකි . අනෙකා 32 හැවිරිදිය කර්මාන්තශාලාවක වැඩ සුපරීක්ෂකවරයෙකි .

ඔවුන් දෙදෙනා 08/27 දින උදෑසන 07.00 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 03 ක් තුළ නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ අති නවීනතම ජංගම දුරකථන 955 ක් සගවා ගෙන සිටියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මොවුන් දෙදෙනා අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටිති .



Recommended Articles