පානදුර කෙසෙල් වත්ත රාජ්‍ය බැංකුවකට අඩු කැරට් අගයක් සහිත රන් භාණ්ඩ උගස්කර රුපියල් කෝටි 10 කට ආසන්න මුදලක් වංචා කළ එම බැංකුවේම නිලධාරිනියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාණ්ඩලික සහකාර නිලධාරිනියක් ලෙස කටයුතු කළ තැනැත්තියක් සහ කනිෂ්ඨ විධායක නිලධාරිනියක් ලෙස කටයුතු කළ තැනැත්තියකි
සැකකාරියන් දෙදෙනා උකස් පත්‍රිකාවල ව්‍යාජ අත්සන් යොදා රුපියල් 99,370,100/= ක වංචා කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය වෙත ලද පැමිණිල්ලක් අනුව අත්අඩංගුවට ගෙන තිබිණි
ඒ අනුව කනිෂ්ඨ විධායක නිලධාරිනිය ලෙස සේවය කළ 37 හැවිරිදි සැකකාරිය වාද්දුවේ තල්පිටිය දකුණ , දළදාවත්ත පාර නිවසේදී අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකාරිය වන 39 හැවිරිදි කනිෂ්ඨ විධායක නිලධාරිනිය පානදුර ශ්‍රීමහා විහාර පාරේදී නිවසේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකාරියන් පොදු දේපළ පනත යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශ (1) පරීක්ෂණ පවත්වයි.
බණ්ඩාරගම- බිමල් ශ්‍යාමන් ජයසිංහ