බළපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නිමාවට පත් වූ නඩුවක නඩුවාර්තා පිටපතක් ලබා ගැනීමට පැමිණිලිකරුගෙන් රුපියල් 5000ක අල්ලසක් ඉල්ලා එය ලබා ගන්නා අවස්ථාවේදී බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පිස්කල්වරයෙකු අද (5) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් බළපිටිය අධිකරණ පරිශ්‍රය තුළදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාර පිස්කල්වරයා වැඩිදුර පරීක්‍ෂණ සඳහා අම්බලන්ගොඩ පොලිසියට බාර දී තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බලපිටිය උසාවියේ සිතාසි බෙදීම සහ ඇස් කිසි ක්‍රියාත්මක කරන පිස්කල් වරයකු වන එම් .බුද්ධික රොෂාන් නැමැත්තෙකි.
ඉඩම් නඩුවේ පිටපතක් ලබා ගැනීමට අවශ්‍ය වූ අයට එම පිටපත ලබාදීම සඳහා පිස්‌කල්වරයා සමග උසාවියේ කාර්යාල කාර්ය සහායකයකුද ඉදිරිපත් වී සිට ඇති බව අම්බලන්ගොඩ පොලිසිය කියයි. අල්ලස් නිලධාරීන්ට පිස්කල්වරයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අනිත් තැනැත්තාට ඒ පිළිබඳව තොරතුරු ලැබී ඔහු අල්ලස් මුදලක් නොගෙන පළාගොස් තිබේ.
බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ 66 වගන්තිය යටතේ මෙම නඩුව නඩු අංක 62313 යටතේ පවරා තිබුණේ අහුංගල්ල කටුවිල ප්‍රදේශයේ අගම්පොඩි ලක්මිපාලද සොයිසා නමැති අයෙකි.
හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුට අයත් ( ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු සරත් ද ආබ්‍රේව්) කුරුඳු ඉඩමක් සම්බන්ධයෙන් පැවති මෙම නඩුවේ තීන්දුව පසුගිය මැයි 20වෙනි දින ලබාදී තිබේ.
කමල් ශ්‍රී ලියනගේ