දිවයිනේ විශාල ව්‍යසනයක් බවට පත්වී ඇති රිළා උවදුර මර්ධනය කිරීමේ ප්‍රථම නියමු ව්‍යාපෘතිය සිදු කිරීමට මාතලේ දිස්ත්‍රික්කය තෝරාගෙන ඇති බව මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති නාලක කෝට්ටේගොඩ මහතා පවසයි.
මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම එහි සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ හා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පෙරේදා දින (16) මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවණාගාරයේදී රැස්වූ අවස්ථාවේදී එසේ ප්‍රකාශ කළේය.
මෙම වැඩසටහන සාර්ථක වුවහොත් බව භෝග හානි වීමට අමතරව විශාල සාමාජීය ප්‍රශ්නයක් වන රිළා ගැටලුවට පිළියම් ලැබෙනු ඇති බවද මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය
මාතලේ රවින්ද්‍ර විරාජ් අබේසිරි

