රියැදුරු බලපත් මුද්‍රණය අද සිට යුද හමුදා භාරයට


මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කරන රියැදුරු බලපත් මුද්‍රණ කටයුතු මේ වසරේ සිට ශ‍්‍රී ලංකා යුද හමුදාවට භාරදී ඇති බව ප‍්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව සියලූ රියැදුරු බලපත් මුද්‍රණ කටයුතු අද (01) සිට ශ‍්‍රී ලංකා යුද හමුදාව මගින් සිදුකරනු ඇත.

රියැදුරු බලපත් මුද්‍රණය කිරීමේ කටයුතු මෙතෙක් සිදුකරනු ලැබුවේ පෞද්ගලික ආයතනයක් මගිනි.

 



Recommended Articles