රියදුරු බලපත්‍රවල වලංගු කාලය මාස 3කින් දිර්ඝ කෙරේ


පසුගිය සැප්තැම්බර් 30 වනදා කල් ඉකුත් විමට නියමිතව තිබු රියදුරු බලපත්‍රවල වලංගු කාලය දෙසැම්බර් 31 වනදා දක්වා දිර්ඝ කර තිබේ.

ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ (19) නිකුත් කර තිබේ.

මෝටර් වාහන පනත මගින් පැවරි ඇති බලතල අනුව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ අත්සනින් යුතුව අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ.

 



Recommended Articles