රියදුරු බලපත්‍රවල වලංගු කාලය දිගු කරමින් තවත් ගැසට් පත්‍රයක්


රියදුරු බලපත්‍රවල වලංගු කාලසීමාවන් දිගු කරමින් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

මේ අනුව 2021 අප්‍රේල් මස 01 දා සිට 2021 සැප්තැම්බර් මස 30 දා දක්වා වූ කාලයේදී කල් ඉකුත් වන රියදුරු බපලප්‍රත වල වලංගු කාලය කල් ඉකුත් විමේ දින සිට මාස 12ක කාලයක් දිර්ඝ කර තිබේ.

එසේම 2021 ඔක්තෝබර් මස 1 දා ආරම්භ වී 2022 මාර්තු මාසයේ 31 වැනි දිනයෙන් අවසන් වන කාලසීමාව තුළ කල් ඉකුත්විමට නියමිත රියදුරු බලපත්‍රවල වලංගු කාලය කල් ඉකුත්වීමේ දිනයේ සිට මාස 6ක කාලයක් දක්වා දීර්ඝ කර තිබේ.



Recommended Articles