රිය අනතුරු හේතුවෙන් මියයන සංඛ්‍යාව ඉහළට


LTTE ත්‍රස්තවාදයෙන් පුද්ගලයන් මිය යාමට සමානව අද රිය අනතුරු ත්‍රස්තවාදයෙන් පුද්ගලයන් මිය යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මේ වසරේ ජනවාරි සිට අද දක්වා රිය අනතුරුවලින් 1266 දෙනෙකු මිය  ගොස් 7177 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළේ.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා ද මෙහීදි අදහස් පල කළා.

රියදුරන් වෙනුවෙන් හදුන්වා දී අති අකුසලතා ලකුණු ක්‍රමවේදය සම්බන්ධවද මෙහිදී අදහස් පල වුණි.

 



Recommended Articles