රිය අනතුරු හයකින් 6ක් මරුට


දිවයිනේ ප්‍ර දේශ හයක සිදුවූ රිය අනතුරු හයකින් පුද්ගලයන් 6ක් ජිවිතක්ෂයට පත්ව තිබේ.

මුල්ලේරියාව පොලිස් වසම - 2025.12.30 වන දින උදෑසන කාලයේ මුල්ලේරියාව පොලිස් වසමේ වල්පොල ප්‍රදේශයේදී අග්ගොන දෙස සිට අංගොඩ හන්දිය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක පදිකයෙකු ගැටී තුවාල ලබා නැගෙනහිර කොළඹ මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 75 ක් වූ වල්පොල, අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.ත්‍රීරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මුල්ලේරියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

වැලිපැන්න පොලිස් වසම - 2025.12.30 වන දින උදෑසන කාලයේ වැලිපැන්න පොලිස් වසමේ මතුගම අළුත්ගම මාර්ගයේ ගල්මත්ත හන්දිය ආසන්නයේදී මතුගම දෙස සිට අළුත්ගම දෙසට ධාවනය වූ වෑන් රථයක් පදික මාරුව මතින් ගමන් කල පදික කාන්තාවකගේ ගැටී ඇති අතර එම කාන්තාව තුවාල ලබා දර්ගා නගරය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත. මරණකාරිය වයස අවුරුදු 76 ක් වූ දැල්කඩ, ගල්මත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි.වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. වැලිපැන්න පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මහනුවර පොලිස් වසම- 2025.12.30 වන දින රාත්‍රී කාලයේ මහනුවර පොලිස් වසමේ සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේදී පේරාදෙණිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කල පදිකයෙකු ගැටී යතුරුපැදිය පෙරළී ගොස් අනතුරක් සිදුව ඇත.අනතුරින් පදිකයා හා යතුරුපැදිකරු තුවාල ලබා මහනුවර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පදිකයා මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 71 ක් වූ යටිපියන්ගල, ගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

වෙන්නප්පුව පොලිස් වසම - 2025.12.30 වන දින දහවල් කාලයේ වෙන්නප්පුව පොලිස් වසමේ කොළඹ පුත්තලම මාර්ගයේ දුම්මලදෙණිය ප්‍රදේශයේදී කොළඹ දෙස සිට පුත්තලම ධාවන වූ ප්‍රයිමුවර් රථයක එම දිශාවටම ගමන් කරමින් සිටි පාපැදිකරුවෙකු ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් පාපැදිකරු බරපතල තුවාල ලබා මාරවිල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 49 ක් වූ වනාතවිල්ලුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.ප්‍රයිමුවර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වෙන්නප්පුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

බණ්ඩාරගම පොලිස් වසම- 2025.12.30 වන දින සවස් කාලයේ බණ්ඩාරගම පොලිස් වසමේ බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ ගල්කඩේ හන්දිය ප්‍රදේශයේදී බණ්ඩාරගම දෙස සිට කැස්බෑව දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර පසුපැදිකරු තුවාල ලබා ප්‍රථිකාර සඳහා පානදුර රෝහලට ඇතුලත් කර ඇත. මරණකරු වයස අවුරුදු 53 ක් වූ විල්ලවිටිය, කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර බණ්ඩාරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

දොම්පෙ පොලිස් වසම- 2025.12.30 වන දින උදෑසන කාලයේ දොම්පෙ පොලිස් වසමේ පූගොඩ හංවැල්ල මාර්ගයේ කොඩිකාර මාවත ප්‍රදේශයේදී ක්‍රියා විරහිත වූ ත්‍රීරෝද රථයක් ලණුවක ආධාරයෙන් තවත් ත්‍රීරෝද රථයකින් පූගොඩ දෙස සිට හංවැල්ල දෙසට ඇදගෙන ධාවනය යාමේදී පිටුපසින් පැමිණි ත්‍රීරෝද රථය පාලනය කර ගැනීමට නොහැකිව ඇදීගොස් ප්‍රථිවිරුද්ධ දෙසින් යතුරු පැදියක් තල්ලුකර ගෙන පාගමනින් පැමිණි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් පාගමනින් පැමිණි පුද්ගලයා බරපතල තුවාල ලබා දොම්පෙ රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 60 ක් වූ ගම්පලගෙදර, පූගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.ත්‍රීරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර දොම්පෙ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.



Recommended Articles