රිමාන්ඩ් කර ඇති සැකකරුවන්ට ඇප ලබාදිමේ සැලැස්මක් සකසන්න නීතිපතිගෙන් උපදෙස්


කොවිඩ් වසංගතය හේතුවෙන් බන්ධනාගාර තුළ ඇති තදබදය අඩුකිරීම සඳහා දී ඇති උපදෙස් අනුව ඒ සඳහා සැලසුමක් සකසන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.

ඊට අනුකූලව රිමාන්ඩ් ගතකර ඇති සැකකරුවන්ට ඇප ලබාදීමට සඳුදා වනවිට කටයුතු කරන ලෙස ද පොලිස්පතිවරයාට නීතිපතිවරයා විසින් උපදෙස් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.
 



Recommended Articles