රාජිත සේනාරත්න ඇතුළු තිදෙනෙකුට එරෙහිව අධි චෝදනා


හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න  ඇතුළු තිදෙනෙකුට කොළඹ මහාධිකරණය අද අධිචෝදනා පත්‍ර භාර දෙන ලැබුවා. මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි ඉදිරියේ මෙම අධිචෝදනා පත්‍ර භාර දෙනු ලැබුවේ අල්ලස් කොමිෂන් සභාව විසින් රාජිත සේනාරත්න  ඇතුළු තිදෙනකුට එරෙහිව දූෂණය නැමැති වරද කර ඇති බවට වන නඩුවක් සම්බන්ධව​ය.

ඒ අනුව විත්තිකරුවන් තිදෙනා රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කරනු ලැබුවා.

රාජිත සේනාරත්න, 2014 වර්ෂයේ ධීවර අමාත්‍යවරයා ලෙසට කටයුතු කළ අවස්ථාවේ මෝදර ධීවර වරාය සී ගල්ෆ් යූකේ නැමැති සමාගමට අඩු මුදලකට බදුදීමේදී දූෂණය නැමැති වරද කර ඇති බවට අල්ලස් කොමිෂන් සභාව චෝදනා කරයි.

ඒ අනුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, ලංකා ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එම සංස්ථාවේ හිටපු කළමනාකරණ අධ්‍යක්ෂක නීල් රවින්ද්‍ර මුනසිංහ අද දින අධිකරණයේ පෙනී සිටියේය.



Recommended Articles