රාජාංගණයේ පනවා තිබු සංචරණ සිමා සම්පුර්ණයෙන් ඉවතට


රාජාංගණය ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ පනවා තිබූ සංචරණ සීමාවන් අද (31) සිට සම්පූර්ණයෙන් ඉවත් කර තිබේ.

රාජාංගණය ප‍්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ, වෛද්‍ය තේජන සෝමතිලක පැවසුවේ, සංචරණ සීමා පනවා තිබූ ගම්මාන 05 ක සංචරණ සීමා අද දිනයේ ඉවත් කෙරෙන බවයි.

රාජාංගණය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ ස්වයං නිරෝධායනය ලක් කළ පිරිසෙන් සියයට 90 ක් මේ වනවිට නිරෝධායන කි‍්‍රයාවලිය අවසන් කර ඇති බව ද වෛද්‍ය තේජන සෝමතිලක වැඩිදුරටත් සඳහන් කළේය.



Recommended Articles