රාජ්‍ය සේවක කාන්තාවන්ට මුහුණු ආවරණ නොමැති පහසු ඇඳුමකටත් අවසරය


රාජ්‍ය සේවිකාවන්ට සාරිය, ඔසරිය මෙන්ම කාන්තාවන්ට සුදුසු එහෙත් හඳුනා ගැනීමට බාධාවක් නොවන මුහුණු ආවරණය නොවන පහසු ඇඳුමක් ඇඳීමට අවස්ථාව ලබාදීමට ඊයේ (25දා) පැවැති කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ලක්ව තිබේ. රාජ්‍ය සේවක ඇඳුම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයක් මතභේදයට තුඩු දුන් අතර, එම ගැටලුකාරී තත්ත්වයන් විසඳීමට අදාළව මෙම සාකච්ඡාව සිදුකර ඇත.

 



Recommended Articles