රාජ්‍ය ඹෟෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රිමාන්ඩ්


රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ  හිටපු සභාපති ආචාර්ය මොහොමඩ් කාසිම් මොහොමඩ් රූමි ලබන 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනි පෙරේරා මහත්මිය අද නියෝග කරන ලදි.

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට මුල්‍ය අනුග්‍රහය දැක්වූ බව පැවසෙන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ්  අද (31) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනිම සිදු විය.

ඒ ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් අනතුරුවයි.

 



Recommended Articles