රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් හෙට දිනයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ සියළු විභාග කල් දමා තිබෙනවා.
ඒ අනුව සියලුම මට්ටම්වලට අදාළ රාජ්‍ය භාෂා ප්‍රවීණතා වාචික පරීක්‍ෂණ සහ දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන අනෙකුත් සියළු විභාග කල් දමා ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
එම විභාග පැවැත්වෙන දිනයන් පසුව දැනුම් දෙන බවද රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.

