රාජ්‍ය බුද්ධි සේවයේ දෙවෙනියා ලෙස රඟපෑ අයෙකු අත්අඩංගුවට


රාජ්‍ය බුද්ධි සේවයේ දෙවෙනියා බව පවසමින් පොලිස් නිලධාරීන් නොමග යැවීමට උත්සාහ කළ සැකකරුවෙකු වැල්ලවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු රාජ්‍ය බුද්ධි සේවයේ දෙවෙනියා බව පවසමින් එම පොලිස් ස්ථානයේ සුළු පැමිණිල්ලක් විභාගයට පැමිණ සිටි අවස්ථාවේදී එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු 48 හැවිරිදි ගාල්ල කළුවැල්ල ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

සැකකරු ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 03 ක් රදවාගෙන ප‍්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබේ. 

 



Recommended Articles