රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයට විශ්‍රාමිකයන්ගේ විරෝධය


රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුපෙන් අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා මුදලක් අයකරගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයට සමස්ත ලංකා රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානය විරෝධය පළ කර සිටියි.

එලෙස හිතුවක්කාරී ලෙස විශ්‍රාමිකයින්ගෙන් මුදල් අයකර ගැනීමට අමාත්‍යංශ ලේකම්වරයාට බලයක් නොමැති බව ඔවුන් පෙන්වා දෙයි.

රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුපෙන් අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා මුදලක් අයකරගැනීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා පසුගිය 29 වැනිදා චක්‍රලේඛයක් නිකුත් කර තිබුණි.



Recommended Articles