රාජ්‍ය ආයතවල වායු සමීකරණ පව 2.30 පසු අක්‍රීය කරන්න උපදෙස්


විදුලිය හා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීමට අදාළව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් සියලුම රාජ්‍ය ආයතන වෙත චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ.

මෙහිදී විදුලි සෝපානය භාවිත කිරීම අඩු කිරීම,අනවශ්‍ය විදුලි පහන් නිවාදැමීම, පස්වරු 2.30-4.30 දක්වා වායු සමීකරණය යන්ත්‍ර අක්‍රීය කිරීමට උනන්දු කිරීම, නිල රථ හිමි අමාත්‍යවරුන්ට හා රාජ්‍ය නිලධාරීන්ට මාසිකව හිමිවන ඉන්ධන ප්‍රමාණයට වඩා අතිරේක ඉන්ධන ලබාදීම තාවකාලිකව අත්හිටුවීම, රැස්වීම් හා සාකච්ඡා සඳහා නිලධාරීන් කොළඹට ගෙන්වීම වෙනුවට සූම් හා ටීම්ස් වැනි වීඩියෝ තාක්ෂණය හරහා ක්‍රියාත්මක කිරීම ආදී යෝජනා මෙම චක්‍රලේඛය මගින් ඉදිරිපත් කර තිබේ.

 



Recommended Articles