රාජ්‍ය ආයතනවල දූෂිත නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග


දූෂණ ක්‍රියවන්ට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස් සේවය ජනතාවට සාධාරණ සේවාවක් විය යුතු බවත් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසයි.

රාජ්‍ය ආයතනවල කැපවීමෙන් සේවය කරන නිලධාරින් බොහෝ දෙනෙකුගේ යහපත් ක්‍රියාවන් අවදානමට ලක්ව ඇත්තේ ඔවුන් අතර සිටින දූෂිත නිලධාරීන් කිහිප දෙනෙකු සිටින නිසා බවත් ඔහු පවසයි.

රාජ්‍ය ආයතන දූෂණයෙන් තොර කරන අතරම සංවිධානාත්මක අපරාධ,මත්ද්‍රව්‍ය ජාවාරම් හා කප්පම් ගැනීම් මැඩ පැවැත්විය යුතු බවද ඔහු පැවැසීයත

ගාල්ලේ පැවැති වැඩසටහනක් අමතමින් ඔහු මේ බව පැවැසීය.

රටේ වත්මන් පොලිස් සේවය පිළිබඳ ජනතාංවගේ අපේක්ෂාවන් පිළිබඳව නැවත සිතා බැලිය යුතු බවත් ඔහු සඳහන් කළේය.

 



Recommended Articles