රාජ්‍ය ආයතනවල අත්‍යවශ්‍ය නොවන බඳවා ගැනීම් නතර කිරීමට උපදෙස්


සියලු අමාත්‍යාංශය සහ රාජ්‍ය ආයතනවල අමතර වියදම් අඩුකර දැඩි මුල්‍ය විනයක් පවත්වාගෙන යන ලෙස මුදල් අමාත්‍යවරයා ඊයේ (30) කැබිනට් මණ්ඩලයට දැනුම්දී තිබේ.

රාජ්‍ය ආයතනවල අත්‍යවශ්‍ය නොවන බඳවා ගැනීම් තිබේ නම් ඒවා නතර කිරීමටත් එසේම කාර්ය මණ්ඩල සඳහා අනවශ්‍ය දීමනා ලබාදෙනවා නම් ඒ පිළිබඳව අවධානය යොමු කිරීමටද එහිදී තීරණය වූ බවයි සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ වැඩිදුරටත් සඳහන් කර සිටියේය.



Recommended Articles