රාජ්‍ය අමාත්‍යාංශ ප්‍රගතිය ජනපති සොයා බලයි


රාජ්‍ය අමාත්‍යාංශවල ප්‍රගතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති මාසික හමුවේදී විමසුමට ලක් කළේය.

ඒ ඒ රාජ්‍ය අමාත්‍යාංශ වෙත පැවරී ඇති කාර්යභාරය, ඉලක්ක සපුරා ගැනීම හා ඉදිරි සැලසුම් රාජ්‍ය අමාත්‍යවරු ජනාධිපති වෙත ඉදිරිපත් කළහ.

කොවිඩ් වසංගතය හමුවේ සිය අමාත්‍යාංශ, ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් ආර්ථිකයේ සුරක්ෂිතතාවට මුල්තැන දෙමින් ඉදිරියට ගෙන යාමට වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කර ඇති  බව රාජ්‍ය අමාත්‍යවරුන් විසින් පෙන්වා දෙනු ලැබිණ.



Recommended Articles