රාජ්‍ය අමාත්‍යතුමා කටුනායක ගුවන් තොටුපළ නිරීක්ෂණ චාරිකාවක


ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා 8/25 දින දහවල් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය .

එහිදී ගුවන් තොටුපළ පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්ත , පී.සී.ආර්.වෛද්‍ය රසායනාගාරය , මහජන ප්‍රේක්ෂක මණ්ඩපය , ගුවන් තොටුපළ ගිනි නිවීම් සහ මුදා ගැනීමේ ඒකකය ,

නව ගුවන් යානා අංගනය , ඇතුළු ගුවන් තොටුපළ නව සංවර්ධන ප්‍රදේශ ද නිනිරීක්ෂණයට ලක් කළ අතර එම අවස්ථාවට සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි , උප සභාපති රජීව් සූරියආරච්චි ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් ද ගුවන් තොටුපළ විවිධ අංශ නියෝජනය කරමින් එම අංශ ප්‍රධානීන් ද  එක් වී සිටියහ .

කටුනායක ටී.කේ.ජී.කපිල 



Recommended Articles