පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිිබේ. තමා මැයි 01 දා සිට බලපැවැත්වෙන පරිදි සිය රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබේ.
ගොවීන්ට වන්දි ලබා දීමට සහ පොහොර සහනාධාරය ලබා දීමට බල කරමින් පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යධූරයෙන් හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරු දිස්ත්‍රික් නායකත්වයෙන් 2022 මැයි මස පළමුවනදා සිට ඉවත් වන බව ඔහු ජනපතිවරයාට යොමුකළ ලිපියේ දැක්වෙයි.
මේ අනුව කෙටි කාලයක් තුළ රාජ්‍ය අමාත්‍යධුර අත්හැරි දෙවැනි මන්ත්‍රීවරයා වන්නේ රොෂාන් රණසිංහ මහතායි. මීට පෙර නිමල් ලංසා මහතාද සිය රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්විය.