රාගම වෙඩි තැබීමක් දරුවකු ඇතුළු තිදෙනෙකුට තුවාල


රාගම වල්පොළ ප්‍රදේශයේ නිවෙසක සිදු වූ වෙඩි තැබීමකින් 17 හැවිරිදි දරුවකු ඇතුළු තිදෙනකු තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කළ බව රාගම පොලිසිය කියයි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලිසිය ස්ථානීය පරීක්ෂණයක් ආරම්භ කළේය. 



Recommended Articles