රාගම රෝහලේ පැවති කොවිඩ් මෘතදේහ 26ක් කඩිනමින් ආදාහනයට පියවර


රාගම ශික්ෂණ රෝහලේ දැනට  ඇති කොවිඩ් මෘත දේහ ආදාහනය කිරීම සහ නැවත ප්‍රමාදයන් සිදු නොවන පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වන සාකච්ඡාවක් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

එම රෝහලේ පැවති මෘත දේහ 26ක් මහර , වත්තල , බියගම ,ජා ඇල , කටාන සහ මීගමුව යන ප්‍රදේශවල පිහිටි ආදාහනාගාර වෙත යැවීමටද කටයුතු කෙරුණා.

 



Recommended Articles