රාගම රෝහලේ ප්‍රතිකාර ලබන රැඳවියෙක් පළා යයි


මහර බන්ධනාගාර ගැටුමින් තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර සිටි රැඳවියෙක් රෝහලෙන් පළා ගොස් ඇතැයි රොහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

එම රැඳවියා ඊයේ (02) රාත්‍රි රෝහලෙන් පැනගොස් ඇති අතර රැඳවියා සොයා මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව වාර්තා වේ.

පසුගිය 29 වන දා මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් රැඳවියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි. එයින් රැඳවියන් 8 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (02) තහවුරු විය.

 



Recommended Articles