රසායනික ද්‍රව්‍ය හමුවූ පොහොට්ටු හිටපු මන්ත්‍රීගේ නිවසින් අත්බෝම්බ හා පතොරොම් සොයාගනියි


සංවිචධානාත්මක අපරාධකල්ලි නායකයෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වෙන කෙහෙල්බද්දර පද්මේ විසින්
අයිස් මත්ද්‍රව්‍ය නිශ්පාදනයට ගෙනවිත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රා දේශීය මන්ත්‍රීවරයෙකුගේ නිවසේ
වළ දමා තිබියදී සොයාගත් රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් කරනු ලැබූ පරීක්ෂණවලට අදාළව අත්බෝම්බ හා ජීව පතොරම්තොගයක්ද සොයාගෙන තිබේ.

ඒ අනුව එම ඉඩමේ තිබී ජීව අත්බෝම්බ 5ක්, ටී 56 ජීව උණ්ඩ 17ක් හා බෝර 12 වර්ගයේ ජීව උණ්ඩ 02ක් හා හිස් පතොරම් කොපුවක්ද සොයාගෙන තිබේ. මෙම ඉඩමේ හිමිකරුවන වන පියල් මනම්පේරි මේ වන විට පොලීසිය විසින් 
අත්අඩංගුවට ගෙන තිබේ. 



Recommended Articles