රවීගේ දියණිය CID යට


පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ දියණිය ඔනෙලා කරුණානායක අද (6) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියාය.

කරුණානායක මහතාගේ පවුලේ සාමාජිකයන්ට අයත් ග්ලෝබල් ට්‍රාන්ස්පොටේෂන් පෞද්ගලික සමාගමට අයත් ආදායම් වියදම් විස්තර හා බැංකු ගිණුම් විස්තර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීම සඳහා ඇය පැමිණ තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද දින රවී කරුණානායක මහතාටත් එහි පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව සඳහන් වේ.

                                                                                                           



Recommended Articles