දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැඳිගම පිවිසුමේදී පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පාර්ලිමේන්තු මන්ත්රී දිල්ප් වෙදආරච්චි මහතාගේ පුත්රයෙක් මෙන්ම තංගල්ල හිටපු නගරාධිපති වන රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳ වීරකැටිය පොලිසිය විසින් අද (06) සවස අත්අඩංගුවට ගන්නා ලදී.
ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට පොලිසිය දින කිහිපයක් විමර්ශන කළ අතර අද පස්වරුවේ වීරකැටිය පොලීසියට පැමිණ භාරවීමෙන් පසුව ඔවුන්ව අත්අඩංගුවට ගැනින.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැඳිගම පිවිසුමේදී සැකකරුවන් කැබ් රථයකින් අනාරක්ෂිත අන්දමින් ශීතකරණයක් ප්රවාහනයට උත්සහ කිරීමේදී ඊට විරුද්ධ වු එහි රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියාගේ රාජකාරියට බාධා කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රවිඳු වෙදාරච්චි සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරික්ෂණ ආරම්භ කෙරින.